Analysis
බලහත්කාර පරිවර්තන?
Jan 31, 2022
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් මුදල් පරිවර්තනය කිරීම සහ එය පුරවැසියන්ට බලපාන ආකාරය පිළිබඳ විස්තරයකි.

කුලප්පු වෙන්න එපා. ඔබ උපයන ඩොලර්, රුපියල්වලට පරිවර්තනය කරන නීති හා රෙගුලාසි පිළිබඳව අපි සොයා බැලුවා.


නව වසරක් උදාවීමත් සමඟම, බොහෝ සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුඑන්සර්ලා, පිටරට සංග්‍රහ හා වෙබ් අඩවි සඳහා ලිපි සපයන ස්වාධීන ලේඛකයින් මෙන්ම, ලංකාවේ බැංකුවල විදේශ විනිම ගිණුම් පවත්වාගෙන යන සෙසු ස්වයං රැකියා නියුක්තිකයින්ට නොහික්මුණු ප්‍රහාරයක් එල්ලවුණා. එනම්, තම දහඩිය මහන්සියෙන් උපයාගෙන ඉතුරුකරගත් ඩොලර් සියල්ලම එකවර බැංකු විසින් රුපියල්වලට පරිවර්තනය කිරීමයි. පුහුල් හොරා සොයා මෙම ස්වයං රැකියා නියුක්තිකයින් සමාජ මාධ්‍ය වෙත පිවිසුනා.

I was just informed by @HSBC that all my USD will be converted to LKR as per a Govt gazette.

They asked me to sign a form of consent, to which I refused.

They also mentioned that many local banks have already begun converting WITHOUT consent.

Interesting times…. #lka

— Dasuni Athauda (@AthaudaDasuni) January 4, 2022

https://twitter.com/Jeevanifdo/status/1476121932907126785?s=20&t=SPgWSQmOwrpZtnmx_oKHbw

තම සේවාදායකයින්ගේ විදේශ විනිමය බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කර ඇති බවට බැංකුවලට එරෙහිව චෝදනා එල්ල වීමත් සමඟම, ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල්, ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මහා බැංකුව විසින් බලහත්කාරයෙන් විදේශ විනිමය පරිවර්තනය කිරීමට අණ නොදුන් බවත්, එවැනි බොරු ප්‍රකාශ කරන්නන්, කුමන්ත්‍රණශීලි අරමුණින් කට කථා පතුරුවන බවයි.

If you are calling these ‘rumors’, as the Governor of the @CBSL can you please check why the local banks are freezing the USD when we remit it from overseas @an_cabraal? Surely you should know what the banks in #SriLanka are doing. #ForcedForexConversionHappenedToMe https://t.co/pHwUvHJl0O

— ARUNI (@aruni_t) January 5, 2022

We can't seem to preview "https://twitter.com/sachp/status/1478589091146985475?s=20&t=GrFUCudlHmdcbeTUxI2ZCw". Try visiting this link in a new tab.

මහබැංකු අධිපතිගේ ප්‍රකාශයේ සත්‍යක් තිබේද?

අධිපතිවරයා ඉතා උපක්‍රමශීලි ලෙස තමාගේ වචන තෝරා ඇත. බැලු බැල්මට ඔහුගේ ට්විටර් පණිවුඩය සත්‍යයි. නව වසර උදාවේ බලහත්කාරයෙන් විදේශ විනිමය රුපියල්වලට පරිවර්තනය කිරීමට මහා බැංකුව අණ දුන්නේ නැත. නමුත්, 2021 ඔක්තෝම්බර් 28 වන දින, මහා බැංකුව විසින් 2251/42 අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. මෙම ගැසට් පත්‍රය හරහා සියලු “සේවා අපනයනකරුවන්ට” තම ඉපැයීම්, රුපියල්වලට පරිවර්තනය කරන ලෙස දැනුම් දී තිබුණි. පෙර හදුන්වාදුන් බොහෝ ස්වයං රැකියා නියුක්තිකයින්, මෙම “සේවා අපනයනකරු” කාණ්ඩයට අයත් වේ. අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති පරිදි - “අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සැම භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම, මාසයක් තුල, ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් පහත සඳහන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව, ශේෂය එළඹෙන මාසයේ හත්වන (7) දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන්ම පරිවර්තනය කල යුතුය.” අන්දුන් කුන්දුන් වූ සේවා අපනයනකරුවන්ට, කුමන්ත්‍රණශීලි පාර්ශවයන් ලෙස ආමන්ත්‍රණය කිරීම හැර, අධිපතිවරයාගේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් වේ. ඉපැයීම් පරිවර්තනය කරන ලෙස අණ දුන්නේ බැංකුවලට නොව, මාස කිහිපයකට පෙර, එම සල්ලි උපයාගත් සේවා අපනයනකරුවන්ටමයි. අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වූ අවසරලත් ගෙවීම් මොනවාද? 1. භාණ්ඩ හා සේවා අපනයනකරුවාගේ ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ. 2. භාණ්ඩ හා සේවා අපනයනකරුවාගේ විදේශ මුදල් නෝට්ටු ආපසු ලබාගැනීම හෝ සංචාරක අරමුණු සඳහා මුදල් මාරු කිරීම. 3. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත හෝ 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද රෙගුලාසි, නියෝග සහ විධාන ප්‍රකාරව, භාණ්ඩ හා සේවා අපනයනකරුවන් ලබා ගන්නා ලද විදේශ ව්‍යවහාර ණය මුදල්, ආපසු ගෙවීමේ වියදම් සහ ණය වාරික. 4. එක් මසක වගකීම් ද ඇතුළත්ව භාණ්ඩ හා සේවා අපනයනකරු විසින් භාණ්ඩ හා සේවා අපනයනය කිරීම සම්බන්ධයෙන් භාණ්ඩ මිලදී ගැනීම හා සේවා ලබා ගැනීම සඳහා විදේශ ව්‍යවහාර මුදලින් කරනු ලබන ගෙවීම්. 5. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සඳහා, එම ලබන්නාවූ අපනයන ආදායමෙන් 10%ක් දක්වා, සිදු කරන ගෙවීම්. තමන් ලබාදෙන සේවාවන් වල ස්වභාවය නිසා, ඉහත සඳහන් අවසරලත් ගෙවීම් සිදුකිරීමට බොහෝ ස්වයං රැකියා නියුක්තිකයින්ට අවශ්‍ය වන්නේ නැත. ඒ හේතුවෙන් ඔක්තෝම්බර් මස 28 දින සිට ඔවුන් උපයාගත් විදේශ විනිමය සමස්ථයම රුපියල්වලට පරිවර්තනය වී ඇති බව පෙනී යයි. එසේවුවද, ඔක්තෝම්බර් 28 දිනට පෙර තිබු ශේෂය ඇතුලත්ව ඔබේ ගිණුමේ තිබු සම්පුර්ණ විදේශ විනිමය ප්‍රමාණය පරිවර්තනය වී ඇත්නම් එය බොහෝවිට වැරදි අවබෝධය හේතුවෙන් හෝ බැංකුව අධික උද්යෝගයෙන් ක්‍රියාකිරීම නිසා විය හැකිය. මේ ක්‍රියාදාමය පිළිබඳව ඔබ තවමත් අවුල් සහගත මනසකින් පෙලෙනවා නම්, මහා බැංකුව විසින් නිකුත් කරපු මෙම ලේඛනය හරහා ඔබේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සපයා ඇත. එහෙත් ප්‍රශ්න වලට පිළිතුරු ලැබූ පලියට ඔබේ හිත තුල තිබෙන වෛරය සන්සුන් වන බවට අපට සහතිකයක් දිය නොහැකිය.

Sampath Bank forcibly converted total Forex remittance of my account last month without my consent citing your instructions. These were fees for my foreign consultancies @an_cabraal @CBSL. කාටද මේවා කියන්නෙ? ඇහුවාම සෙන්ට්‍රල් බෑන්ක් එකේ නියෝගලු. @SampathBankPLC

— Ranga Kalansooriya (@rkalansooriya) January 5, 2022

ඔබ උපයාගත් ඩොලර් සම්බන්ධයෙන් මහා බැංකුව අනුගමනය කරන ක්‍රියාපටිපාටිය, ඔබ හොරකමට හෝ කප්පම් ගැනීමට සමාන කළහොත් ඔබට සමාව දිය හැකිය. 2021 දෙසැම්බර් මාසයේ, මෙම ක්‍රියාපටිපාටියට තිත තැබීමේ අපේක්ෂාවෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී. රටින් පිට සපයන සේවාවන් වලින් නීතිඥවරුන් උපයන මුදල් පිළිබඳව අවධානය යොමුකරන මෙම පෙත්සම හරහා, නීතිඥ සංගමය තර්ක කරන්නේ, පෞද්ගලික දේපළ, අයිතිකරුවන්ගේ අනුදැනුමෙන් තොරව පරිවර්තනය කිරීමට වගඋත්තරකරුවන් ගෙන ඇති පියවර, ඔවුන්ට විදේශ විනිමය පනත හා මුදල් නීති පනත හරහා පවරා ඇති බලතලවලට පරිබාහිර වන බවයි. පළමු වගඋත්තරකරුවා වන මුදල් අමාත්‍යවරයා හා/හෝ දෙවන වගඋත්තරකරුවා වන මහබැංකු අධිපතිවරයා විසින්, මේ සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ අවලංගු කරමින්, සර්ශිඔරාරි (certiorari) ආඥාවක් නිකුත් කරන ලෙස, නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති. එමෙන්ම, 2251/42 අති විශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බලයක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස, පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ඔක්තෝම්බර් 28 දිනට පෙර ගිණුමේ තිබු ඩොලර්වලට සිදුවන්නේ කුමක්ද?

2251/42 අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වීමට පෙර, එනම් 2021 ඔක්තෝම්බර් 28 දිනට පෙර සියලු භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ගේ ගිණුම් වලට බැරවූ විදේශ විනිමය පරිවර්තනය පිළිබඳව බලපාන රෙගුලාසි, 2021 මැයි 28 දින නිකුත් කරන ලද 2229/09 අති විශේෂ ගැසට් පත්‍රයේ අඩංගු වේ. මෙම ගැසට් පත්‍රයේ අඩංගු රෙගුලාසිවලට අනුව, සියළු භාණ්ඩ හා සේවා අපනයනකරුවන්, අපනයනය මගින් ලද මුදල් ලැබී දින 30ක් ඇතුළත, බලපත්‍රලාභී බැංකුවක් මගින් ශ්‍රී ලංකාවට ලද මුළු මුදලින් 25%කට නොඅඩු ප්‍රමාණයක් (මහබැංකුව විසින් තීරණය කරන ලද වියතිරෙකයන්ට අමතරව), රුපියල්වලට පරිවර්තනය කළ යුතුව තිබුණි.

ඔබට දැන් කළ හැක්කේ කුමක්ද?

පහත ලැයිස්තුව ආයෝජන උපදෙස් ලෙස ගැනීමෙන් වලකින්න. අපි වරලත් ආයෝජන උපදේශකයින් නොවේ. 1. නැතිවූ ඩොලර් පිළිබඳව හිතේ තිබෙන වෛරය සමාජ මාධ්‍ය හරහා බෙදාහැරගන්න. නිශ්ශබ්දව දුක් විඳීම ආතතියට හේතු විය හැක. මානසික සෞඛ්‍යය රැකගැනීම ඉතා වැදගත් වේ. 2. ඔබ අයකරන ගාස්තු වැඩිකරන්න. නමුත් ගාස්තු වැඩිකිරීම හේතුවෙන් සේවාදායකයින් ප්‍රමාණය අඩුවිය හැකි බව මතක තියාගන්න. පුළුවන්කම තිබෙනවානම්, අපේ තරුණ ක්‍රීඩා අමාත්‍යවරයා මේ දවස්වල අවධානය යොමු කර ඇති ක්‍රිප්ටෝකරන්සි හරහා ගෙවීම් සිදුකරන ලෙස සේවාදායකයින්ට දන්වන්න. නමුත්, ක්‍රිප්ටෝ සඳහා ශ්‍රී ලංකා නීතිය යටතේ ඔබට කිසිඳු රැකවරණයක් නොලැබෙන බව මතක තියාගන්න. ඒවගේම විවිධ ක්‍රිප්ටෝ ජාති වල වටිනාකම නිතරම වෙනස් වන බවත් සැලකිල්ලට ගත යුතුයි. 3. රත්තරන් වලින් ගෙවීම් කරන ලෙස ඔබේ සේවාදායකයින්ට දන්වන්න. නමුත්, ජාත්‍යන්තර මායිම් හරහා රන් ප්‍රවාහනය කිරීමේදී ගැටළු මතුවිය හැකිය. 4. ඔබේ ඉපැයීම් වලින් 10%ක් දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල ආයෝජන කළ හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ බැඳුම්කර සඳහා ජාත්‍යන්තරව ලබාදී ඇති කුණු (junk) ශ්‍රේණිගත කිරීම් පිළිබඳව අවධානයෙන් සිටින්න. ශ්‍රී ලංකාවේ වර්තමාන ශ්‍රේණිගත කිරීම, 2011 අප්‍රේල් මාසයේදී, ගෝලීය මුල්‍ය අර්බුදයක් හමුවේ, මහබැංකුව ප්‍රඥාවන්ත ආයෝජනයක් ලෙස සැලකු ග්‍රීක රජයේ බැඳුම්කර වලට තිබු ශ්‍රේණිගත කිරීමට වඩා අඩු අගයක පවතින බවත් මතක තබා ගත යුතුයි (2014 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ මහබැංකුව කිසිඳු වරදක් කර නොමැති බවයි. එමෙන්ම එවකද අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ, එම ආයෝජනය මහබැංකුවේ අවධානම් කළමනාකරණ උපායන්ට අනුකුලව සිදුකල බවයි). ගැස්, ඉන්ධන, විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල සැපයුම සතියෙන් සතියට තීරණය වන රටේ, අවධානම් සහගත ආර්ථික තත්වය සලකන විට, නුදුරු අනාගතයේ ස්වයං රැකියා නියුක්තිකයෙක් ලෙස ඔබ උපයන ඩොලර් සම්බන්ධයෙන් පවතින නීති හා රෙගුලාසිද වෙනස් විය හැකිය. ආර්ථික කඩාවැටීම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සඳහා අපේ නේවාසික ආර්ථික විද්‍යාඥ උමේෂ් මොරමුදලි විසින් රචිත මෙම ලිපිය කියවන්න. ඒ අතරතුර, ඔබේ නැතිවූ ඩොලර්, රජයේ පැවැත්ම වෙනුවෙන් ඔබ කරන පුණ්‍යමය පරිත්‍යාගයක් සේ සලකා, අතහරින්න.

Gazette 2251-42.pdf 212910

Gazette 2229-9.pdf 34080