හැඳින්වීම
පෙර ව්‍යාපෘතියක දී අපි "ස්කයිලයින්ස්" (Skylines) නමින් කොළඹ නගරයේ එකකට එකක් සමානවන ලෙස ආකෘතියක් ගොඩනඟා ගත්තෙමු. නිල දත්ත මූලාශ්‍ර භාවිතා කිරීමෙන් සහ ඒ සඳහා විශ්ව විද්‍යාල දෙපාර්තමේන්තු සමඟ කටයුතු කිරීමෙන්, මාර්ග ජාලය, ජනගහන සංඛ්‍යාව, මිනිසුන් නගරයට ඇතුළු වන ආකාරය සහ නගරයෙන් පිටත ගමන් කරන ආකාරය, පිළිබඳ සමීප චිත්‍රයක් ලබා ගැනීමට අපි උත්සාහ කළෙමු. ඒ වගේම අපි නිරතුරුවම නිරීක්ෂණය කළ දෙයක් තමයි කොළඹ නගරය මොනතරම් පීඩනයකට ලක්වෙලාද කියන එක. කොළඹ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සාපේක්ෂව කුඩා නගරයකි. එය වර්ග කිලෝමීටර් 37 ක් පමණ වන අතර එහි පාවෙන ජනගහනය මිලියනයක් පමණ වේ. එහි ගැටළු තිබේ: එය බොහෝ දුරට සැලසුම් නොකළ (හෝ මෝඩයන් විසින් සැලසුම් කර ඇත). එහි මාර්ග නිසැකවම එය හරහා ගලා යන වාහන තදබදයට ඉඩ සකස්කළ නොහැකි තරම් කුඩාය. එහි වාහන නැවැත්වීමේ ඉඩකඩ ඉතා අඩුය. එහි උද්‍යාන සහ විවේකීව කාලය ගත කිරීමට තුන්වන අවකාශයන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි. වසර ගණනාවක් පුරා වාණිජ ක්‍රියාකාරකම් සහ ජනගහන පීඩනය වැඩි වීමත් සමඟ, කොළඹ නගරය ඉහළට සහ පිටතට (එනම් උප නගර වලට, නැතහොත් පෙර උප නගර වශයෙන් සැලකූ නගර වලට) ව්‍යාප්ත කිරීමට බල කෙරී ඇත. අනෙක් අතට තදාසන්න ප්‍රදේශ දැන් අංගසම්පූර්ණ නාගරික ප්‍රදේශ වන අතර කොළඹ නගරය සදාකාලිකව පිටතට විහිදෙන්නේ එහි ඉතිරිව ඇති කුඩා හරිත ප්‍රදේශයන් ඉරා දමමිනි. මේ නිසා අපි මුළු රට ගැනම සිතීමට පෙළඹුනෙමු. අප සෑම කෙනෙකුටම, අප කොතැනක ජීවත් වුවද, අපගේ අසල්වැසි ප්‍රදේශයන් පිලිබඳ යම් අවබෝධයක් ඇත. මම දැන් දශක දෙකකට ආසන්න කාලයක් මෙහි ජීවත් වන නිසාත් මා දැක ඇති පරිවර්තනයන් ගැන මට කතා කළ හැකි නිසාත් මට කොළඹ ගැන අදහස් ප්‍රකාශ කළ හැකිය. එසේම, මෙම ලිපිය පරිවර්තනය කරන මගේ සගයා වන ෆයිරූස් හට ඔහුගේ අසල්වැසි ප්‍රදේශය වන කාත්තන්කුඩි ප්‍රදේශය ගැනත්, වසර ගණනාවක් පුරා එය වෙනස් වූ ආකාරය ගැනත් කතා කළ හැකිය. නමුත් අපි විශාලනය කර සියල්ල එකවර වෙනස් වී ඇති ආකාරය බලන්නේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට, මෙම වසරේ අපි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ සෙන්ටිනල් 2 (Sentinel 2) චන්ද්‍රිකා වලින් චන්ද්‍රිකා ඡායාරූප ලබා ගත්තෙමු. පික්සලයකට වර්ග මීටර 10ක ඡායාරූප ලබා ගත හැකි මේවා වඩාත්ම උසස් තත්ත්වයේ චන්ද්‍රිකා නොවේ - මීට වඩා හොඳ තත්ත්වයේ ඡායාරූප ලබා ගන්නේ නම් මිල අධික සහ පුද්ගලික සහ වාණිජ අභ්‍යවකාශ අවශ්‍ය වේ - නමුත් පොදු භාවිතයට මෙය ප්‍රමාණවත් වේ. මෙම චන්ද්‍රිකාවල දත්ත භාවිතා කරමින්, අපි 2017 සිට 2024 දක්වා ශ්‍රී ලංකාව සඳහා සිතියම් සහ රූප සම්පාදනය කළෙමු [1]. මේ හරහා අප දුටු දේ පහත දැකිය හැක.
කිලිනොච්චි ආහාර තීරය
2018 දී නල්ලූර්, කිලිනොච්චි සහ කණ්ඩාවලෙයි අතර ප්‍රදේශය දිස් වූයේ මේ ආකාරයට ය.
2024 දී, එය මේ වගේ විය:
කිලිනොච්චිය ඉතා කෘෂිකාර්මික ප්‍රදේශයකි. රජයේ ඇස්තමේන්තුවලට අනුව 2015 දී කිලිනොච්චි ප්‍රදේශයෙන් 25%ක් පමණ වී වගා කර තිබිණි, 13%ක් පමණ ගෙවතු සහ 24%ක් පමණ වනාන්තර විය [2][3]. මේ වන විට, මැද පිහිටි අර්ධ වනාන්තර ඉඩම් ගොඩකර ඇති බව පෙනේ - නැඟෙනහිර සිට බටහිරට, කෘෂිකර්මාන්ත ප්‍රදේශය පුළුල් වී ඇත. මෙය ප්‍රදේශයේ ඇතැම් විශාල යටිතල පහසුකම් යෝජනා ක්‍රම පුළුල් ලෙස නිරීක්ෂණය කරයි. 2017 වසරේ සිට අවම වශයෙන් කිලිනොච්චිය ඇතුළුව ප්‍රයෝජනයට නොගත් කෘෂිකාර්මික ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ කෘෂිකාර්මික නිලධාරීන් උත්සාහ දරමින් සිටිති [4]. ප්‍රාදේශීය කෘෂිකර්ම හා පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය (තරමක් අඩු සේවක සංඛ්‍යාවක් සමග වුවද) සහ එම අංශයේ වැඩ කරන පුද්ගලයින් ප්‍රදේශයට වඩාත් ගැලපෙන භෝග වගා කිරීමට ඕනෑකමින් කියා සිටින බව පෙනේ. අවම වශයෙන් 2017 සිට, ජල මාර්ග සහ මාර්ග වැඩිදියුණු කිරීමට මෙන්ම විශාල කර්මාන්ත (MAS Active, MAS Vidiyal, KIST, ආදිය) ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, වෙන් කරන ලද සම්පත් මට්ටම සහ මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වය සැලකිය යුතු ලෙස වෙනස් විය. සමස්තයක් ලෙස බලනවිට අවම වශයෙන් මේ දේවල් වලින් සමහරක් වැඩ කර ඇති බව පෙනේ. 2022 නාගරික සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව කිලිනොච්චියේ ඉඩම් පරිහරණයෙන් 44% ක් වී වගාවට යොදවා ඇත [6]. කෙසේ වෙතත්, කිලිනොච්චිය තවමත් දරිද්‍රතාවයෙන් පෙලෙයි. 2022 වන විට එහි ජනගහනයෙන් 18%කට වඩා දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමක සිටියේය. මෙම ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ස්වභාවයක් තිබුනත්, ගෝඨාභය රාජපක්ෂගේ පොහොර තහනම විසින් ඇති කරන ලද කෘෂිකාර්මික බිඳ වැටීමෙන් දැඩි ලෙස පීඩාවට පත් විය [6][7]. නාගරික සංවර්ධන අධිකාරියෙහි [8] $ මිලියන 250කට වැඩි පානීය ජල ව්‍යාපෘතිය සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන සැලැස්ම [9] වැනි සැලසුම් මෙම තත්ත්වය යහපත් කිරීමට උපකාරී වේද යන්න කාලය (සහ තවත් චන්ද්‍රිකා රූප) කියනු ඇත. පරිසර හානිය සම්බන්ධව කටුක තත්ත්වයකට පත් වන්නේ ද මෙතැන් සිටය. අප කැමති වුවත් නැතත්, ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තය කප්පාදුව සහ පිළිස්සුම් එක්කාසු වූ ප්‍රභේදයකි [10]. අඩු තාක්‍ෂණික කෘෂිකර්මාන්තය යනු අපි සිරස් අතට නොව තිරස් අතට ගමන් කරනවා යන්න පෙන්නුම් කරන්නකි. නොවැළැක්විය හැකි ලෙස විශාල ගස් ආවරණයන් අතුරුදහන් වන අතර, ඒවාට ආදේශකයන් වන්නේ පොලොව සිසිල් කිරීමට හෝ ජලය රඳවා ගැනීමට අරගල කරන හිස් බිම් ය. කිලිනොච්චිය බොහෝ දුරට වනාන්තර එහි මායිමේ තබා ඇත. නමුත් ඔබ සමීප අවධානයක් යොමු කළහොත්, මාර්ග අයිනේ දුඹුරු පැහැ ගැන්වීම සහ කලක් කොළ පැහැයෙන් පැවති දේ සෙමෙන් අහිමි වී යාම ඔබට දැකගත හැකිය.
කුරුණෑගල, අනුරාධපුරය, වවුනියාව
පාඩුව සලකා බලන විට, ඊළඟට අපට මේ වසර කිහිපය තුළ විශාලතම ස්වයං හානි පමුණුවගත් තරඟ වදින්නන් දෙදෙනෙකු සිටී. 2018 වසරේ මෙම කලාපයේ මධ්‍ය ලක්ෂ්‍යය:
එම මධ්‍ය ලක්ෂයම 2024 දී,
මේ දුටු විට අපිට ඇතිවුයේ නොසන්සුන්කාරී හැඟීමකි. දැවෙන උෂ්ණත්වය, අවම ජල සැපයුම සහ වනාන්තර මත දැඩි ලෙස යැපෙන ජීවනෝපායන් (මිනිස් සහ සතුන් යන දෙඅංශයෙන්ම) සඳහා ප්‍රසිද්ධ වූ මේ කලාපය දැනටමත් අධික වන විනාශයට ලක්වෙමින් පවතින අතර, මෙම කලාපය කෙමෙන් කෙමෙන් රට මැද වියළි බිමක් බවට පත්වෙමින් තිබේ. 2023 වසරේ පර්යේෂණ පත්‍රිකාවක් අප මෙහි දකින දේ හරියටම පෙන්වා දෙයි: 2000 සිට 2020 දක්වා කාලය තුළ කුරුණෑගල වනාන්තර ආවරණය 9.82% කින් අඩු වී තිබෙනවා. ඒ වගේම, 2000 සිට 2020 දක්වා අනුරාධපුර ප්‍රදේශයේ වන ආවරණය 12.06% කින් අඩු වී තිබෙනවා. මෙම ප්‍රදේශ දෙකම කෘෂිකාර්මික භාවිතයන්, නාගරීකරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි දේ නිසා සැලකිය යුතු පීඩනයකට මුහුණ දී ඇති අතර, එය ස්වභාවික වෘක්ෂලතා පරිහානියට බලපා ඇත. නීතිවිරෝධී ලෙස දැව කැපීම සහ ජනාවාස සඳහා වන ප්‍රදේශවල ඇති ඉඩම් අත්පත් කරගැනීම ද මේ සඳහා බලපා ඇති කරුණු වේ. ඇත්තෙන්ම එය සිදු වන බව අපට දැක ගත හැකි විය. කලක් ලඳු කැලෑවක් වැනි කොළ පැහැති ආවරණයන් ලෙස තිබූ පික්සලයන්, ගොඩනැගිලි සහිත ප්‍රදේශ සහ කෘෂිකාර්මික ඉඩම් බවට පරිවර්තනය වෙමින් පවතී. ඝන හරිත කොටස් (පහළ, මැද-වම) සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත.
වව්නියාව මෙම ලිපියේ සඳහන් කර නැත, නමුත් වැඩිවන හානිය මෙම සම්පූර්ණ ත්‍රිකෝණය හරහා විහිදී ගොස් තිබේ. මිනිස් ක්‍රියාකාරකම්වල සාමාන්‍ය පා සටහන (වම, 2018) කුඩා ගම්මාන දක්වා පවා වර්ධනය වෙමින් පවතී (දකුණ, 2024).
නැගී එන හම්බන්තොට
සමහරවිට මෙය පෙන්වා දීම රිදී රේඛාවක් විය හැක: දුර සිට බලන විට හම්බන්තොටින් හරිත පැහැ ප්‍රදේශ වැඩි වෙමින් පවතින බව පෙනේ. මේ, එම ප්‍රදේශය 2018 දී:
මේ එම ප්‍රදේශයම 2024 දී,
2018 සිට 2019 දක්වා විවිධ රාජපක්ෂ පාලනයන් යටතේ හම්බන්තොට බලෙන් සිදුකරන ලද දැඩි සංවර්ධනයකට මුහුණ දුන් අතර, ඒ තුලින් එම ප්‍රදේශයට දැවැන්ත ගොඩනැගිලි ප්‍රමාණයක් ලැබුණු අතර වන විනාශයටද මුහුණ දීමට සිදුවුනි. 2008 සිට 2019 දක්වා, ගොඩනැගුණු ප්‍රදේශ 27.66%ක වාර්තාගත වර්ධනයකින් වැඩි වී තිබේ. වන ආවරණය 18.88% කින් විශාල ලෙස පහත වැටී ඇති අතර එම සංඛ්‍යාලේඛන ඉතා අවම ලෙස වාර්තා වී ඇති බවක් අපට දැනේ [12]. උදාහරණයක් ලෙස, කරන්ගන් ලේවාය කලපුවෙන් වැලි ඝන මීටර් 40,000 ක් පමණ කැනීම් කර ඉවත් කරන බව අපි දුටුවෙමු [13]. කුමක් සඳහා ද? මවාගත් තේජසක් සඳහාද, ඇත්තෙන්ම; පැරණි රජවරුන් අනුකරණය කරමින් රාජවංශයක් පමණක් නොව අගනුවරක් පිහිටුවීමට ඇති ආශාව පිළිබිඹුවේ. ශුභාරංචිය නම්, 2017 වසරේ ආරම්භ වූ වෙරළාශ්‍රිත ප්‍රතිවනරෝපනය [14] සිට පළතුරු බෝග වගාව, වැව් ප්‍රතිසංස්කරණය සහ තිරසාර උද්‍යාන වගා පුහුණුව දක්වා වූ ප්‍රතිසංස්කරණ කටයුතු රැසකින් හම්බන්තොට ප්‍රතිලාභ ලබා තිබීමයි [15]. එමෙන්ම අනුමාන වශයෙන්, අසාර්ථක ගුවන් තොටුපළ වටා වූ කැලය වර්ධනය වෙමින් පැවති අතර වරක් අපතේ ගිය දේවලින් සමහරක් ආපසු ලබා ගැනීමට හැකිවිණි. හම්බන්තොට කවදා හෝ රාජපක්ෂලාට අවශ්‍ය පරිදි පරිවර්තනය වේවිද යන්න තවම පෙනෙන්නට නැත, නමුත් අඩුම තරමින් එයින් පෙන්නුම් කරන්නේ සිදුවූ හානිය ආපසු හැරවීමට නොහැකි වුවද නැවත ප්‍රතිසංස්කරණය කළ හැකි බවයි.
ප්‍රධාන සොයාගැනීම්
මෙම පුළුල් විශ්ලේෂණයේ ප්‍රධාන සොයාගැනීම් සෑම විටම යම් දුරකට කර්කශ ස්වභාවයක් ගනී. එක් අතකින්, මිනිසුන්ට ජීවත් වීමට ඉඩක් අවශ්‍ය වන අතර, සෑම කලාපයකටම තමන්ටම ආවේනික සුළු ගැටළු ඇති අතර ඒවා විසඳා ගත යුතු වේ. මිනිස් ජීවිතය සහ පාරිසරික බලපෑම අතර ඇති සියුම් සමතුලිතතාවය ඕනෑම යුක්ති සහගත පුද්ගලයෙකුට එහි බලපෑම් හඳුනා ගැනීමට පෙර දශක ගණනාවක් තිස්සේ කල්පනා කළ හැකි කාරණයකි; සහ මේ සියල්ල සිදු විය හැක්කේ කුඩා අයවැයක් සහ (ඓතිහාසික වශයෙන්) කසළ-ස්ථර ප්‍රතිපත්ති ස්ථායිතාවක් ඇති රටක ය. අපට කළ හැකි සහ බොහෝ විට කළ යුතු පැහැදිලි දේවල් කිහිපයක් තිබේ. නීතිවිරෝධී දැව කැපීම සහ වන විනාශය මර්දනය කිරීම, කිසිදු හඬ නැඟීමකින් තොරව කළ හැකි දේවල් කිහිපයකි. නගර වලට උස් ගොඩනැගිලි හඳුන්වා දීම. මෙය චන්ද්‍රිකා ඡායාරූපවලින් අපට පෙනී ගිය දෙයක්. ඉහළ ජන ඝනත්වයක් ඇති එකම ස්ථානය කොළඹ නොවේ - මඩකලපුවේ සමහර ප්‍රදේශ දෙස බලනවිට හැගෙන්නේ කොළඹ වඩා ඉඩකඩ සහිත බවයි. නමුත් උස් ගොඩනැඟිලි දුර්ලභ ය, එයින් අදහස් කරන්නේ කුඩා, තදබද වාසස්ථාන රාශියක් දැනට තිබෙන කුඩා ඉඩමකට ඉතා දුෂ්කර ලෙස ඇතුලත් කිරීමට උත්සාහ කිරීමයි. සිරස් ආකාරයට වාසස්ථාන පුළුල් කිරීමට සහය දීම තුලින් අපට මිනිසුන්ගේ ජීවිත වඩාත් සුවපහසු කළ හැකිය. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ. මෙය ඊටත් වඩා බලපෑමක් කල හැකි බව මම විශ්වාස කරමි. කෘෂිකර්මාන්තය පිළිබඳ අපගේ අධ්‍යයනයන් ගෙනහැර දක්වා ඇති පරිදි, අපගේ කෘෂිකාර්මික අභිමානය තිබියදීත්, ශ්‍රී ලංකාවේ ගොවිතැන් කර්මාන්තය බලාපොරොත්තු වන මට්ටමට ඒමට සමත් වී නැත. මෙයට හේතුව අප අසාමාන්‍ය ලෙස නාස්තිකාර ආකාරයෙන් සකස් වී ඇති බැවිනි. ඔවුන් මිනිස් ශ්‍රමය විශාල ප්‍රමාණයකින් භාවිතා කරන මුත් තාක්ෂණය භාවිතා කරන්නේ අවම වශයෙනි; අපගේ කෘෂි නිෂ්පාදනයන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදු වෙනවා පමණක් නොව රට පෝෂණය කිරීමට අවශ්‍ය කරන නිෂ්පාදන නිසි ප්‍රමාණ වලින් සකසා ගැනීමට ද අපට හැකියාවක් නොමැත. ඒ අතරම, ගොවීන් මෙයින් ලාභ ලබන්නේ ද නැත; ඔවුන් අසාමාන්‍ය ලෙස දුෂ්කර ජීවිත ගත කරන අතර ජීවනෝපාය උපයා ගැනීමට දැඩි උත්සාහයක් දරති. මේ අතර, මෙම නාස්තිකාර ක්‍රමය අඛණ්ඩව රටේ සමතලා ඉඩම් අත්පත් කර ගනී. කුමක් සඳහා ද? මම අන්තවාදී කිසිවක් යෝජනා නොකරමි; අපි කතා කරන්නේ කෘෂිකාර්මික ක්‍රමය අහෝසි කිරීම හෝ එවැනි දෙයක් ගැන නොවේ. නමුත් මෙය කිරීමට වඩා බුද්ධිමත් ක්‍රමයක් තිබේ, එනම් ට්‍රැක්ටර් සහ උපයෝගිතාවයන් වැනි මූලික දේ සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම තුලින් ගොවීන්ගේ ජීවිත වඩාත් පහසු සහ ඵලදායී බවට පත් කිරීමයි. සමහර විට පැරණි ස්ථාවර ආදාන-ප්‍රතිදාන ආකෘතිය පසෙකට දමා සිරස් ගොවිපලවල් සහ ප්‍රජා උද්‍යාන වැනි දේවල් විශාල වශයෙන් ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ. හම්බන්තොටදී අප දැක ඇති පරිදි, ඒක භෝග වගාවට ඔබ්බෙන් තවත් භෝග වගා කිරීමට ගොවීන් දිරිමත් කිරීමෙන් ගොවිතැන වඩාත් තිරසාර බවට පත් කිරීමේ ක්‍රමවේද ද තිබේ. නිදසුනක් වශයෙන්, පලතුරු වගාව ඉතා හොඳ ආකෘතියක් වන අතර, මේ රට තුල අවම වශයෙන් භාවිතා වී ඇති වගාවකි. අපි මේ ආකාරයෙන් ඉඩම් අත හරිනවානම් නම්, අපි අවම වශයෙන් අත්හදා බැලීම් කළ යුතුය, ඒ තුලින් ඵලදායී ලෙස වැඩ කරන්නේ කුමක්ද යන්නත්, තිරසාර ආකාරයෙන් ඉදිරියට කරගෙන යා හැක්කේ කුමක්ද යන්නත් දැන ගැනීමට පුළුවන. ඊළඟ ආර්ථික කඩාවැටීම සිදුවන විට, සහල් පමණක් වගා කර බඩගින්නේ සිටීමට වඩා හොඳ ක්‍රමයක් හඳුනාගෙන තිබිය යුතුය. අවසාන වශයෙන්, අපට විශේෂයෙන් හරිත අවකාශයන් සම්බන්ධව ගොඩනැගීමේ මාර්ගෝපදේශ සහ නිසි ආකාර බලාත්මක කිරීම අවශ්‍ය වේ. අපේ රටේ මෙම පින්තූර දෙස බලන විට, අපි නිශ්චිත රටාවකට නගර ගොඩනගා ගත යුතු බව පැහැදිලිය.අපි මුලින්ම ගොඩනඟන්නේ ජීවත් වීමටයි. ඉන්පසු සෑම නගරයකම ආර්ථිකයේ නිමක් නැති රැළි පැමිණේ: ඉන්ධන පිරවුම්හල, රූපලාවණ්‍යාගාරය, නිමක් නැති විවිධ ආයිත්තම් අලෙවි කරන වෙළඳසැල්, උපකාරක පන්ති, අනිවාර්ය බාටා (Bata) සහ DSI සාප්පු, අබාන්ස් සහ සිංගර් අලෙවිසැල්. පාරවල් පුළුල් වන අතර විශාල නිවාස එලෙසම පවතී. ඒවගේම අපිට වටපිට බලනකොට තේරෙනවා හැම දෙයක්ම බොරැල්ලේ නරක පිටපතක් වගේ කියලා. එනම් එසේ පැවතීම අපහසුයි, මන්දයත් එතැනට යාමට අපි අනුමත නොකළ හෝ ආර්ථික වශයෙන් ඵලදායී නොවන සියල්ල කපා කොටා දැමූ බැවිනි. මෙය රූප සටහන්වල පමණක් නොව මා ජීවත් වූ නගරවල - ගොඩකවෙල සිට රාගම සිට හොරණ දක්වා මෙය නැවත නැවතත් සිදු වන බව මම දුටුවෙමි. අනාගත පුරවැසියන් වෙනුවෙන් අඩුම තරමින් ඔවුන්ට කපා දැමීමට ඉඩ නොදුන් ගස් සෙවණ යට වාඩි වීමට හැකි වන පරිදි රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට සාර්ථකව සමත් වූ වෙනත් රටවලින් අප යම් අවස්ථාවක ඉගෙන ගත යුතු වේ. අප එසේ නොකරන්නේ නම් සිදුවන්නේ කුමක්දැයි අපි දනිමු: එනම් කොන්ක්‍රීට් සහ තාර විශාල ප්‍රමාණයක් නිසා ඇදහිය නොහැකි තරම් තාප ආතතියක් ඇති කොළඹ වැනි නගර ඇති වේ[16][17]18]. මිය ගිය ගස්වලින් සෙවන නොලැබෙන තැන, ක්‍රිකට්වලින් සහනයක් නොලැබෙන තැන; සෙවණෙහි සුඛෝපභෝගීත්වය සාමාන්‍යයෙන් වෙන් කර ඇත්තේ ඉතා ඉහළ මිලක් ඇති ප්‍රදේශවල ජීවත් වීමට හැකි ධනවතුන් සඳහා පමණි. අපි පැහැදිලිවම සිටින්නේ අදහස් සහ විවේචන යුගයේය. නමුත් එය මේ ආකාරයේ නිගමනයක කොටසකි. මෙයට අනෙක් විකල්පය වන්නේ ව්‍යාජ ශාස්ත්‍රීය ආචාරශීලීත්වය රඳවා ගනිමින් තවත් පර්යේෂණ අවශ්‍ය බව පැවසීමයි.
මූලාශ්‍ර
[1] අප සන්තේ ඇති දත්ත ගොනු එක තැනකට රැස්කිරීමට නොහැකි තරම් විශාලය. එක් වසරක් සඳහා ගොනු කරන එක රූප රාමුවක් ගිගාබයිට් 6ක් තරම් විශාල විය හැකිය - නමුත් අපි එහි ප්‍රමාණය අවම කර, නමුත් ඉතා ඉහල විභේදනයකින් JPEG ගොනු ආකාරයෙන් ඔබට අපගේ Github හරහා නොමිලේ ලබා ගත හැක. [2] https://luppd.gov.lk/images/content_image/downloads/pdf/llrc_kilinochchi_district.pdf [3] https://luppd.gov.lk/images/Kilinochchi_District_compressed.pdf [4] https://www.harti.gov.lk/images/download/reasearch_report/new1/webR_238_Final_report.pdf [5] https://www.uda.gov.lk/attachments/dev-plans-2023-2033/killinochchi2024.pdf [6] https://www.wfp.org/news/food-insecurity-improves-sri-lanka-prevails-within-specific-regions [7] කෘෂිකාර්මික අර්බුදය පිළිබඳ අප විසින් සිදු කරන ලද වාර්තා බලන්න [8] https://www.adb.org/projects/37378-013/main [9] https://www.adb.org/projects/50301-002/main [10] Gunasena, H. P. M., & Pushpakumara, D. K. N. G. (2015). Chena cultivation in Sri Lanka: prospects for agroforestry interventionsna cultivation in Sri Lanka: prospects for agroforestry interventions. Shifting cultivation and environmental change: indigenous people, agriculture and forest conservation. Routledge, New York, 199-220. [11] Kaushalya, G. N. (2023). Forest and Natural Vegetation Cover Loss Over 2000 to 2020 in Sri Lanka; A Canopy Density Base Analysis. In Proceedings of International Forestry and Environment Symposium (Vol. 27). [12] Edirisooriya, K. V. U. I., Senevirathna, E. M. T. K., Dheerasinghe, G. W. M. M. K., & Dauglas, D. L. P. M. (2021). ANALYSIS OF LAND USE/LAND COVER CHANGES IN HAMBANTOTA DIVISIONAL SECRETARIAT DIVISION FROM 2008 TO 2019 USING REMOTE SENSING AND GIS TECHNIQUES. [13] https://www.chathamhouse.org/2020/03/chinese-investment-and-bri-sri-lanka-0/2-labour-and-environment [14] https://balkanecologyproject.blogspot.com/2024/05/discovering-tropics-hambantota-district.html [15] https://www.agrimin.gov.lk/web/images/pdf/performance/2017-english-performence.pdf [16] Fonseka, H. P. U., Zhang, H., Sun, Y., Su, H., Lin, H., & Lin, Y. (2019). Urbanization and its impacts on land surface temperature in Colombo metropolitan area, Sri Lanka, from 1988 to 2016. Remote Sensing, 11(8), 957. [17] Emmanuel, R. (2005). Thermal comfort implications of urbanization in a warm-humid city: the Colombo Metropolitan Region (CMR), Sri Lanka. Building and environment, 40(12), 1591-1601. [18] Dmdok, D., & Kakm, K. (2021). Urbanization of Colombo City and Its Impact on Land Surface Temperature from 2001-2019. American Journal of Environmental Protection, 10(3), 66-76.